කොළඹ නගරාධිපතිට සටනට සර්ව ජන බලයෙන් අපේක්ෂකයෙක් – විපක්ෂය බෙදෙයි

කොළඹ නගරාධිපති ධුරය සඳහා විපක්ෂය විසින් සර්වජන බලවේගයේ රිෆ්කි බදුර්දීන් මහතා නම් කිරීමට නියමිත බව වාර්තා වනවා.

සර්ව ජන බලවේගයේ අභ්‍යන්තර ආරංචිමාර්ග අදාළ පුවත තහවුරු කළ නමුත් සමගි ජන බලවේගය විසින් එය තරයේ ප්‍රතික්ෂේප කළා.

සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨයෙකු සඳහන් කළේ කිසි විටෙකත් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.

කෙසේ වෙතත් අදාළ පුවත සත්‍ය බවයි සර්ව ජන බලවේගය සඳහන් කළේ.

සමගි ජන බලවේගයේ ජ්‍යේෂ්ඨ මන්ත්‍රීවරයා වැඩි දුරටත් සඳහන් කළේ අපේක්ෂකයා නියත වශයෙන්ම සමගි ජන බලවේගයේ අයෙක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *