රුධිර පරික්ෂාවට වැඩිපුර සල්ලි ගත්ත රසායනාගාරයට ලක්ෂ 05ක් දඩ ගහයි

වැඩිපුර මුදල් අය කළ මල්වාන ප්‍රදේශයේ වෛද්‍ය රසායනාගාරයකට රුපියල් ලක්ෂ 5ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ පුර්ණ රුධිර ගණන පරීක්ෂණ වාර්තාවකට (Full Blood Count Test) වැඩිපුර මුදලක් අයකිරීම වෙනුවෙනුයි.

අදාළ වෛද්‍ය රසායනාගාරය විසින් වරද පිළිගැනීමෙන් පසුව එම දඩය නියම කළ බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.

සැකකරුවන් ඊයේ (02) මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම දඩය නියම කර තිබෙනවා.

පුර්ණ රුධිර ගණන පරීක්ෂණ වාර්තාවක් සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් පනවා ඇති උපරිම ගාස්තුව වන්නේ රුපියල් 400කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *