රට තුළ සිතාගත නොහැකි මට්ටමේ වංචා දූෂණ වෙලා – අල්ලස් කොමිසම කියයි

රට තුළ සිතාගත නොහැකි මට්ටමේ වංචා දූෂණ සිදුව ඇති බව අල්ලස් කොමිසමේ ජනරාල් රංග දිසානායක මහතා කියා සිටී.

ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ සමහර ඉලක්කම් පවා සම්මත ක්‍රමයට කියවිය නොහැකි බවයි.මේ අතර රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන සියලුම ක්‍රියා දූෂණය නැමති වරදට නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමේ අධ්‍යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක පවසනවා.

නමුත් රාජ්‍ය නිලධාරීන් විසින් කරන යම් ක්‍රියාවක් චේතනාන්විතව හෝ දැනුවත්ව රජයට පාඩුවක් හෝ වෙනත් අයෙකුට වාසියක් වන බවට දැනුවත්ව සිදුකළහොත් එය දූෂණය නැමති වරදට යටත් වන බව ස්වර්ණවාහිනී නාලීකාවේ රතු ඉර වැඩසටහනට එක්වෙමින් ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *