වෛද්‍යවරුන් සඳහා වන Disturbance, Availability & Transport (DAT) දීමනාව දෙගුණයකින් වැඩි කිරීමට ජනාධිපතිවරයා විසින් ගෙන ආ යෝජනාව
අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව (DAT) දීමනාව රුපියල් 35,000 සිට රුපියල් 70,000 දක්වා වැඩි කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිවුණේ.
මේ අතර විශ්ව විද්‍යාල ගුරුවරුන්ට ඔවුන්ගේ අධ්‍යයන දීමනාව 25% කින් වැඩි කිරීමටද අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව එම දීමනාව ඔවුන්ගේ ජනවාරි වැටුපට ඇතුළත් කිරීමට නියමිතයි.