ළමයින් සිඟමනේ යෙදවීමට සහ වෙළෙඳාමේ යෙදවීමට එරෙහිව කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට රජය තීරණය කරයි

ජුලි 01 වැනිදා සිට ළමයින් සිඟමනේ යෙදවීමට සහ වෙළෙඳාමේ යෙදවීමට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසනවා.

ඒ අනුව ළමා ශ්‍රමිකත්වයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව ළමුන් වීථිවල සිගමනේ යෙදවීම, වෙළඳාමේ යෙදවීම, ගෘහස්ථ සේවය හා අන්තරායකර රැකියාවල දරුවන් යෙදවීම යනාදිය අවසන් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ.

අවුරුදු 16 දක්වා වන වයස අනිවාර්යය අධ්‍යාපන වයස ලෙස එම දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සුරැකීම සඳහා කටයුතු කරන බවත්, අවුරුදු 16ට අඩු දරුවෙක් ඉහත රැකියාවල යෙදෙන්නේ නම් ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පුරවැසියන්ට කටයුතු කළ හැකි බවත්, ජූලි 01 වැනිදා සිට තදින්ම නීතිය බලාත්මක කිරීමට කටයුතු කරන බවයි අමාත්‍ය සරෝජා සාවිත්‍රි වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *