කතරගමට දුන් පඬුරු වලින් රෝහලට ලක්ෂ 330 ක නව වාට්ටු සංකීර්ණයක්

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ අරමුදලට බැතිමතුන් ලබාදෙන පඬුරු මුදලින් රුපියල් මිලියන 33 ක වියදමකින් කතරගම ප්‍රාදේශීය රෝහලේ ඉදිකරන ලද අංග සම්පූර්ණ නව වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ඊයේ (12) සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා.

නවීන පහසුකම්වලින් යුත් නව වාට්ටු සංකීර්ණය සූතිකාගාර සහ සාමාන්‍ය ඇඳන් 47 කින් සමන්විත වන අතර, නවීන වැසිකිළි පද්ධතියක්, ප්‍රසූතාගාරයක් මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා කාමර පද්ධතියකින් ද යුක්ත වනවා.

ආහාර සුරක්ෂිත සහ පාරිභෝගික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආර්.එම් ජයවර්ධන මහතා සහ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිල්ෂාන් ගුණසේකර මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *