පඬුවස්නුවර සහ මිනිපේ ප්‍රදේශීය සභාවල බලය පිහිටුවීමට ජාතික ජනබලවේගය අද (13) සමත් වුණා.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඉදිරිපත් වූ පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වලට 50%ක් ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොහැකි වූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේ ඡන්ද විමසීම අද (13) දිනයේත් පැවැත්වුණා.
පඬුවස්නුවර ප්‍රාදේශීය සභාවට සභිකයින් 38 දෙනෙකු තෝරා ගත් අතර ජාතික ජන බලවේගයට සභිකයින් 17 දෙනෙකු හිමිවූ අතර විපක්ෂයේ පක්ෂ අතර බෙදී ගිය සභික සංඛ්‍යාවද 21ක්.
ඒ අනුව අද (13) පඬුවස්නුවර ප්‍රදේශීය සභාවේ බලය පිහිටුවන පක්ෂය හෝ කණ්ඩායම තොරා ගැනීමට සිදුවුණේ රහස් ඡන්දයකින්.
එම අවස්ථාවේදී එම ප්‍රාදේශීය සභාවට සර්ව ජන බලයෙන් තේරී පත්වූ සභිකයාගේ නම ගැසට් කර නැති බව පවසමින් එම මන්ත්‍රීවරයාව සභාවෙන් ඉවත් කිරීමට තීරණය කෙරුණා.
පසුව රහස් ඡන්ද විමසීම පැවැති අතර ජාතික ජන බලවේගයෙන් සභාපති ධුරයට තරග කළ සභිකයාට ඡන්ද 19ක් ලබා ගත් අතර සමගි ජන බලවේගයෙන් තරඟ කළ සභිකයාට ඡන්ද 18ක් හිමි වුණා.
මෙම ආසනය පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකරගේ ආසනය වන අතර පසුගිය දින කිහිපය තුළදී මෙම ආසනයේ බලය අනිවාර්යයෙන් විපක්ෂයේ බලයෙන් පිහිටුවන බවට මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇති පසුබිමක මෙම ජයග්‍රහණය ලැබීමත් විශේෂත්වයක්.