අපි නඩු අහලා රනිල්ව වැරදිකරුවෙක් කරනවා – අනුර කුමාර තහවුරු කරයි

ජාතික ජන බලවේගය නඩු අහන දවසට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වැරදිකරුවකු බවට පත් කරන බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ගාල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමිනි.

පසුගිය කාලසීමාව තුළ මෙරට පාලනය කළ බොහෝ පාලකයන් අපරාධකරුවන් දූෂිතයන් ලෙස හිරේ සිටිය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවද ඔහු පැවසීය.

එවන් පාලකයන් නීතිය පාගාගෙන බලයේ රැඳී සිටින එවන් මෙම චෞර පැලැන්තියෙන් රට බේරා ගැනීම යුගයේ අවශ්‍යතාව බවත් හෙතෙම කියා සිටී.

වැටී සිටින ජාතිය නැඟී සිටුවීමට නම් නව ජාතික පිබිදීමක් අවශ්‍ය බවත් එය හුදු ආණ්ඩු මාරුවක් නොවිය යුතු බවත් හෙතෙම කියා සිටියේය.

රාජ්‍ය ගොඩනැගීමට නව දැක්මක් සහිත ආණ්ඩුවක් අවශ්‍ය බවත් ඊට නායකත්වය දීමට ජාතික ජනබලවේගය සූදානම් හෙතෙම තවදුරටත් එහිදී  කියා  සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *