ව්‍යාපාරිකයින් තම බලපත්‍ර අලුත් කරගැනීමට හා ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීම සදහා කැළණිය ප්‍රාදේශිය සභාව ඔස්සේ කටයුතු කිරීමේ එහි නිළධාරීන් අල්ලස් ගැනීමට ක්‍රියාකරන බව අනාවරණය වී තිබේ.
වාර්තා වන තොරතුරු අනූව ප්‍රාදේශිය සභාවේ නිළධාරීන් මහා පරිමාණ ලෙස මුදල් ඉපයීම මෙමගින් සිදු කරන බව අනාවරණය වී තිබේ.
මෙම ප්‍රාදේශිය සභාවේ සේවය කරන නිළධාරීන් පසුගිය රජයේ ප්‍රසන්න රණවීර,මර්වින් සිල්වා ඇතුළු අමාත්‍යවරුන්ගේ සෙවණේ හැදී වැඩුණු අය බව මේ වනවිට තොරතුරු හෙළි වී තිබේ.විශේෂයෙන්ම එහි සේවය කරන සොච්චම් වැටුපක් ගන්නා නිළධාරීන්ද කෝටි ගණන් වටිනා නිවාස,වාහන ද තිබෙන බව බොහෝ අය දන්නා කාරණයකි.එලෙස ඔවුන් තම මඩිය තර කරගෙන තිබෙන්නේ ව්‍යාපාරිකයින්ගෙන් අල්ලස් ගැනීමෙන්ය.
මේ සම්බන්ධව ඉදිරි දින කිහිපයේදී ප්‍රබල ව්‍යාපාරිකයින් කිහිප දෙනෙකු අල්ලස් කොමිසම වෙත පැමිණිලි කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ.
වත්මන් රජය යටතේ නවමු මුහුණුවරකින් අල්ලස් කොමිසම විසින් අල්ලස් ගන්නා රාජ්‍ය නිළධාරීන් අත්අඩංගුවට ගැනීමට වේගයෙන් ක්‍රියාත්මක වන පසුබිමක තවමත් මෙවැනි නිළධාරීන්ගේ ක්‍රියකලාපය හේතුවෙන් රජයට අපකිර්තියත් එල්ල වීමද නතර කළ නොහැකිය.