මහනුවර බෝගම්බර බදු දෙන්න කැබිනට් අනුමැතිය දෙයි

මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාර ඉඩම වසර පනහක් සඳහා බදු පදනම මත බැහැර කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත.

මහනුවර නගර මධ්‍යයේ පිහිටි බෝගම්බර බන්ධනාගාර ගොඩනැගිලි සංකීර්ණය මූල්‍ය, පාරිසරික, සමාජයීය වශයෙන් විශාල විභවයක් සහිත සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා බැහැර කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

එහි සංවර්ධන කටයුතු නාගරික සංවර්ධන අධිකාරියේ මූලික සැලසුම් අනුව සිදුවිය යුතු බව කැබිනට් මණ්ඩලය නිර්දෙශයේ ඇතුළත් කර ඇත.

මහනුවර මහ නගර සංවර්ධන සැලැස්ම තුළ පිහිටි බෝගම්බර බන්ධනාගාර සංකීර්ණය ලෝක උරුම ගොඩනැගිලි සංකීර්ණයක් වන අතර මෙම ගොඩනැගිලි සංකීර්ණයේ සංස්කෘතික හා සංචාරක ප්‍රවර්ධනය සඳහා පහසුකම් ඇත.

මෙම ඉඩම වසර 50 බදු පදනම යටතේ බැහැර කිරීම සඳහා ආයෝජන යෝජනා කැඳවීමට නාගරික ඉදිකිරීම් සහ නිවාස ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාව පසුගියදා රැස්වූ කැබිනට් මණ්ඩලය අනුමත කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *