වෙළද,ඩිජිටල් ව්‍යාපෘති රැසක් ජනපතිගේ ජර්මානු සංචාරයෙන් ලංකාවට ලැබෙයි

මෙරට වෙළෙඳ, ඩිජි­ටල් ආර්ථික, ආයෝ­ජන සහ වෘත්තීය පුහුණු ඇතුළු ක්ෂේත්‍ර රැස­කට සෙත සැල­සෙන ව්‍යාපෘති රැසක් රැගෙන

ජර්මානු ෆෙඩ­රල් ජන­ර­ජයේ නිල සංචා­රය සාර්ථ­කව නිම කර­මින් ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා ඊයේ (15) පෙර­ව­රුවේ දිව­යි­නට පැමි­ණි­යේය.

මෙම නිල සංචා­ර­යේදී ජනා­ධි­ප­ති­ව­රයා ජර්මානු ජනා­ධි­පති ෆ්‍රෑන්ක්-වෝල්ටර් ස්ටයි­න්මි­යර් (Frank-Walter Steinmeier), ජර්මානු විදේශ ඇමැති ජොහාන් වඩ­ෆුල් (Dr. Johann Wadephul) සහ ජර්මානු ආර්ථික සහ­යෝ­ගීතා සහ සංව­ර්ධන ඇමැති රීම් අල­බලි-රඩො­වන් (Reem Alabali-Radovan) මහත්ම මහ­ත්මීන් හමු වී ද්වීපා­ර්ශ්වික සාක­ච්ඡා­වල නිරත විය.

එහිදී රජයේ ප්‍රමු­ඛතා මත පද­නම්ව වෙළෙඳ, ඩිජි­ටල් ආර්ථික, ආයෝ­ජන සහ වෘත්තීය පුහුණු ආදී ක්ෂේත්‍ර­යන්හි දෙරටේ සහ­යෝ­ගී­තාව පුළුල් කෙරෙන නව මාර්ග පිළි­බඳ සොයා බැලීම කෙරෙහි විශේෂ අව­ධා­න­යක් යොමු කෙරිණි.

මීට අම­ත­රව, ජනා­ධි­ප­ති­ව­රයා ජර්ම­නියේ සංචා­රක හා චාරිකා කර්මාන්ත සංග­ම්වල (Tourism and Travel Industry Associations) නියෝ­ජි­ත­යන්ගේ හමු­ව­ක­ටද සහ­භාගී විය. ජර්ම­නියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩ­ලය විසින් එම සංගම් මූල­ස්ථා­න­යේදී (DIHK) සංවි­ධා­නය කරනු ලැබූ ව්‍යාපා­රික සංස­ද­යට සහ­භාගී වූ ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා එහි ප්‍රධාන දේශ­න­යද සිදු කළේය. එමෙන්ම ජනා­ධි­ප­ති­ව­රයා සිය නිල සංචා­රය අත­ර­තුර ජර්ම­නියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමු­වී­ම­ටද කට­යුතු කළේය.

මෙම සංචා­ර­යට ජනා­ධි­ප­ති­ව­රයා සමඟ විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක ඇමැති විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිල­ධා­රීහු පිරි­සක් සහ­භාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *