ජන­පති සමාව අව­භා­විත කර 212ක් නිද­හස් කරලා – CID විම­ර්ශ­න­ව­ලින් හෙළි­වෙයි

ජන­පති පොදු සමාව අනි­තීක ලෙස භාවිත කර­මින් මේ වසරේ නිද­හස් දින, වෙසක් දින හා ගිය වසරේ නත්තල් දින සිර­ක­රු­වන් 212 දෙනකු නිද­හස් කිරී­මට බන්ධ­නා­ගාර බල­ධා­රීන් විසින් කට­යුතු කර ඇතැයි අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් මෙතෙක් කර ඇති විම­ර්ශ­න­ව­ලින් හෙළිවී තිබේ.

මෙම පිරිස නිද­හස් කර ඇත්තේ විශේෂ දින­ය­න්ව­ලදී ජන­පති පොදු සමාව යටතේ නිද­හස් කිරී­මට ජන­ප­ති­ව­ර­යාගේ අනු­මැ­තිය ලද සිර­ක­රු­වන්ගේ ලේඛ­න­යට පිටින් බවද එම විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත.

නිද­හස් දින ජන­පති සමා­වෙන් නිද­හස් කිරී­මට අනු­මැ­තිය ලැබී තිබී ඇත්තේ සිර­ක­රු­වන් 274 දෙනෙක් හෝ ඒ ආසන්න ප්‍රමා­ණ­යකි. එසේම පසු­ගිය වෙසක් දින නිද­හස් කිරී­මට අනු­මැ­තිය ලැබී තිබී ඇත්තේ සිර­ක­රු­වන් 388ක් හෝ ඒ ආසන්න පිරි­සකි. පසු­ගිය වසරේ දෙසැ­ම්බර් 25 නන්තල් දින නිද­හස් කිරී­මට අනු­මැ­තිය ලැබී තිබී ඇත්තේ සිර­ක­රු­වන් 322 හෝ ඒ ආසන්න පිරි­ස­කට පමණි. මෙම පිරි­සට අම­ත­රව අනු­මැ­තිය නොලද සිර­ක­රු­වන් මේ සෑම විශේ­ෂිත දින­ය­ක­දීම නිද­හ­ස්කර ඇති බව විම­ර්ශ­නයේ දී අනා­ව­ර­ණය වී ඇති බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් සඳ­හන් කළේය.

මෙසේ නිද­හස් කළ සිර­ක­රු­වන් සම්බ­න්ධ­යෙන් ගන්නා ඉදිරි ක්‍රියා­මාර්ග ගැන අධි­ක­රණ අමා­ත්‍යාං­ශය විසින් යම් පිය­ව­රක් ගනු ඇති බව ද එම නිල­ධා­රියා කීය. දැනට හෙළි­වෙ­මින් ඇති කරු­ණු­ව­ලට අනුව බන්ධ­නා­ගාර පද්ධ­තිය තුළ සිදුව ඇති මෙම අනී­තික ක්‍රියාව සම්බ­න්ධ­යෙන් කරුණු අධ්‍ය­නය කිරී­මට ජන­පති කොමි­ස­මක් හෝ ඒ හා සමාන බල­තල ඇති කමි­ටු­වක් පත්කි­රී­මට පවා සිදු­වනු ඇති බව එම නිල­ධා­රියා සඳ­හන් කළේය.

මෙම අනී­තික ක්‍රියා­වට සම්බන්ධ බන්ධ­නා­ගා­රයේ නිල­ධා­රීන් කිහිප දෙන­කුම හඳු­නා­ගෙන ඇති බවත් ඒ අය සම්බ­න්ධ­යෙන්ද කඩි­න­මින් ඉදිරි පිය­වර ගනු ඇති බවත් එම උසස් පොලිස් නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *