නවීන ආපනශාලා,වැසිකිලි පහසුකම් සමග කොළඹ බස් නැවතුම්පොල ප්‍රති­සං­ස්ක­ර­ණ­යට පියවර

කොළඹ බැස්ටි­යන් මාවතේ මධ්‍යම බස් නැව­තු­ම්පොළ මාස 10කින් සංව­ර්ධ­නය කර, ලබන අලුත් අවු­රු­ද්දට පෙර ජනතා අයි­ති­යට පත් කිරී­මට ප්‍රවා­හන මහා­මාර්ග වරාය හා සිවිල් ගුව­න්සේවා අමා­ත්‍යාං­ශය තීර­ණය කර තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ ඉංජි­නේරු සහාය ගෙන සංව­ර්ධ­නය කරන මේ ව්‍යාපෘ­ති­යට වැය වන මුදල රුපි­යල් මිලි­යන 355ක් ලෙස ඇස්ත­මේන්තු කර ඇත. අදි­යර තුනක් යටතේ සිදු කරන මේ ව්‍යාපෘ­තිය ආරම්භ කර දින 300ක් ඇතු­ළත අව­සන් කිරී­මට නිය­මිත අතර, නවීන පහ­සු­කම් යටතේ සංව­ර්ධිත නව බස් නැව­තු­ම්පොළ 2026 අලුත් අවු­රුද්දේ ජනතා අයි­ති­යට පත් කිරී­මට සැල­සුම් කර තිබේ.

මෙහි ඉදි­කි­රීම් අව­සන් වන විට නවීන ආප­න­ශාලා, දුම්රිය, ලංගම ඇතුළු බස් තොර­තුරු ගත­හැකි වන ලෙස නවීන තොර­තුරු මධ්‍ය­ස්ථා­න­යක්, මෙහෙ­යුම් මැදි­රි­යක් ස්ථාපිත කිරී­මට පිය­වර ගෙන ඇත. ලංගම බස් රථ රියැ­දු­රන්ගේ විවේක කාමර, වැසි­කිළි පහ­සු­කම් ඇතුළු අංශ නවී­ක­ර­ණය කිරී­මට ද අව­ධා­නය යොමුව ඇත.

මෙහි ප්‍රස­ම්පා­දන කට­යුතු ලංගම විසින් සිදු කරන අතර, ඉදි­කි­රීම් කට­යුතු ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ නිල­ධා­රීන්ගේ ඍජු අධී­ක්ෂ­ණය යටතේ සිදු කෙරේ. තාක්ෂණ නිල­ධා­රීන්ගේ සේවා ලබා ගැනී­මට ද නිය­මි­තය.

මේ ඉදි­කි­රීම් සම්බ­න්ධ­යෙන් සාකච්ඡා වට කිහි­ප­යක් පවත්වා ඇති අතර, ඊට අදාළ ශක්‍යතා අධ්‍ය­ය­න­යක් ද සිදු කර තිබේ. එම ඉදි­කි­රී­ම්ව­ලට අදා­ළව නව අද­හස් සහ යෝජනා ඉදි­රි­පත් කරන ලෙස ප්‍රවා­හන මහා­මාර්ග වරාය හා සිවිල් ගුව­න්සේවා ඇමැති බිමල් රත්නා­යක මහතා ලංගම සේව­ක­ය­න්ගෙන් ඉල්ලා සිටි­යේය.

මේ අව­ස්ථා­වට එක් වූ ඇමැ­ති­ව­රයා ලංගම රියැ­දු­රන් රැඳී සිටින විවේක කාමර ඇතුළු කාර්යාල ස්ථාන නිරී­ක්ෂ­ණය කිරී­මට ද එක් විය. එහිදී සේව­ක­යන් කියා සිටියේ දශක ගණ­නා­ව­කට පසු එම ස්ථාන­යට පැමිණි පළමු ඇමැ­ති­ව­රයා බිමල් රත්නා­යක මහතා බවත්, ඒ වෙනු­වෙන් ඔවුන්ගේ ස්තූතිය පුද කරන බවත්ය. මේ අව­ස්ථා­වට එක්වූ ශ්‍රී ලංකා ගුවන් හමු­දාවේ ඉදි­කි­රීම් සිවිල් ඉංජි­නේරු අධ්‍යක්ෂ ජන­රාල් එයාර් වයිස් මාෂල් වජිර සේනා­ධීර මහතා ද ව්‍යාපෘ­තිය ගැන අද­හස් දැක්වීය.

එම අව­ස්ථා­වට ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ ලේකම් සම්පත් තුයි­ය­කොන්තා, ශ්‍රී ලංකා ගුවන් හමු­දා­පති එයාර් මාෂල් බන්දු එදි­රි­සිංහ, මාණ්ඩ­ලික නිල­ධාරි එයාර් වයිස් මාෂල් ලසිත සුම­න­වීර, ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ මාධ්‍ය ප්‍රකා­ශක කර්නල් නලින් හේරත්, බස්නා­හිර පළාත් විශේෂ කාර්ය බළ­කායේ කැඳ­වු­ම්කරු, ආචාර්ය සංජය පෙරේරා මහ­ත්ව­රුන්, ආය­තන ප්‍රධා­නීන් ඇතුළු ලංගම සේව­කයෝ එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *