නිවැරිදිව කාලගුණ අනාවැකි කියන්න කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවීකරණයට රජය තීරණය කරයි

දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර ප්‍රවේශය (CResMPA) යටතේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා නවීකරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ලෝක බැංකුවේ මූල්‍ය අනුග්‍රහය යටතේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශය මඟින් දේශගුණික අව බලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන් ප්‍රවේශය ක්‍රියාත්මක කරමින් පවතී.

 නිවැරදි පූර්ව අනතුරු ඇඟවීම් හරහා ස්වභාවික විපත් මඟින් විය හැකි හානි අවම කර ගැනීම තුළින් ජාතික සංවර්ධනයට සහාය වීම, දේශගුණය ආශ්‍රිත ආපදා අවදානම් අවම කිරීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණය සහ දේශගුණය ආශ්‍රිත සේවා නවීකරණය කිරීම, එම ව්‍යාපෘතියේ පළමු අදියරෙහි සංරචක 1 යටතේ ප්‍රමුඛ කාර්යයක් ලෙස හඳුනාගනු ලැබ ඇත. 

ඒ අනුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සේවා නවීකරණ කටයුතු සිදු කිරීම සඳහා උපදේශන ආයතනයක් තෝරා ගැනීම සඳහා ලෝක බැංකු ප්‍රසම්පාදන මාර්ගෝපදේශය අනුගමනය කරමින් අභිලාෂ ප්‍රකාශ කිරීම කැඳවා තිබේ. 

ඒ සඳහා ආයතන 08ක් විසින් අභිලාෂ ප්‍රකාශ කිරීම් ඉදිරිපත් කර ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද උපදේශන ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මතපදනම්ව, තායිලන්තයේ බැංකොක්හි ආසියානු ආපදා සූදානම සඳහා වූ මධ්‍යස්ථානය (Asian Disaster Preparedness Centre) වෙත අදාළ උපදේශන සේවා කොන්ත්‍රාත්තුව පිරිනැමීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *