ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන්ට විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමයක් – ජනපතිගේ යෝජනාවට අනුමැතිය

ජ්‍යෙෂ්ඨ පුර­වැ­සි­යන් සඳහා වන විශේෂ ස්ථාවර තැන්පතු යෝජනා ක්‍රම ක්‍රියා­ත්මක කිරී­මට ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා මුදල්, ක්‍රම සම්පා­දන සහ ආර්ථික සංව­ර්ධන ඇමැ­ති­ව­රයා වශ­යෙන් කැබි­නට් මණ්ඩ­ල­යට ඉදි­රි­පත් කළ යෝජ­නා­වට පෙරේදා (16) රැස් වූ කැබි­නට් රැස්වීමේ දී අනු­මැ­තිය හිමිව තිබේ.

2025 වර්ෂය සඳහා වන අය-වැය කතා­වෙහි යෝජිත පරිදි මේ අනුව රජය මෙම විශේෂ ස්ථාවර තැන්පතු ක්‍රමය ක්‍රියා­ත්මක කිරී­මට තීර­ණය කර ඇත.

වයස අවු­රුදු 60 හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික පුර­වැ­සි­යන් විසින් 2025‑07‑01 දින සිට 2025‑12‑31 දින දක්වා වන කාල­සී­මාව තුළ විවෘත කරනු ලබන ස්ථාවර තැන්පතු සඳහා මෙම යෝජනා ක්‍රමය ක්‍රියා­ත්මක කිරී­මට නිය­මි­තය.

ස්ථාවර තැන්ප­තුවේ කාල­සී­මාව මාස 12ක් (වර්ෂ­යක්) වන අතර, උප­රිම තැන්පතු වටි­නා­කම රුපි­යල් මිලි­ය­න­යක් වේ.

බරිත සාමාන්‍ය ස්ථාවර තැන්පතු පොලී අනු­පා­ත­යට (AWFDR) අම­තර වාර්ෂික 3%ක් එකතු කර ලැබෙන අගය හෝ අදාළ බැංකුවේ ප්‍රකා­ශිත ස්ථාවර තැන්පතු පොලී අනු­පා­ත­යට 3%ක් එකතු කර ලැබෙන අගය හෝ යන දෙකෙන් ඉහළ පොලී අනු­පා­තය ගෙවී­මට යෝජි­තය.

සමස්ත වැඩ­ස­ට­හන සඳහා පොලී සහ­නා­ධාර ගෙවීම පිණිස රුපි­යල් බිලි­යන 30ක ප්‍රති­පා­දන වෙන් කිරී­ම­ටද ජනා­ධි­ප­ති­ව­රයා යෝජනා කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *