කෙහෙළිය, බිරිඳ හා දියණියව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගනියි

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ හා දියණිය ව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (18) පෙරවරුවේ හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණියේ ප්‍රකාශයක් ලබාදීම සඳහා යි.

අයථා වත්කම් ඉපැයීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එල්ල වී ඇති චෝදනාවකට මෙලෙස කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු සෙසු සැකකාරිණියන් අත්අඩංගුවට ගනු ලැබුවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *