කෙහෙළියගේ ගේ ඉස්සරහා තිබ්බ මල්වඩමත් අරන් කෙහෙළියගේ දුව පොලිසි යයි

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධී බිය ගැන්වීමක් කළැයි කියන වෛද්‍යවරුන් හා සිවිල් ක්‍රියාකාරීන් සම්බන්ධව පුළුල් විමර්ශනයක් කරන බව කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට දැනුම් දී තිබෙනවා.

අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල මහත්මිය කළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලීසිය දැනුම් දුන්නේය.

ජනවාරි පළමුවැනිදා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිල නිවස ඉදිරිපිට මල් වඩම් තබන අයුරු විකාශනය කළ ප්‍රධාන පෙළේ මාධ්‍යවල දර්ශන සහ මාර්ගයේ හා ඒ අවට ප්‍රදේශයේ ඇති සී.සී.ටී.වී. දර්ශන විශ්ලේෂණය කරමින් කරුණු අනාවරණය කර ගැනීමට විමර්ශන කරන බවද කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *