ජනපති අනුරගේ කැපවීම නොතිබුණා නම් ආර්ථික අර්බුදයෙන් රට මුදාගන්න බැරි වෙනවා – විශ්‍රාම යන මුදල් ලේකම් කියයි

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධුරය හෙබවූ වසර 03ක සේවා කාලය තුළ මෙය තම වෘත්තිය ජිවීතයේ සුවිශේෂි අවස්ථාව බවයි.රටෙහි පාලනයේ වෙනසක් වුවද තමා කෙරෙහි විශ්වාසය තබමින් එම ධුරයේ රදවා ගැනීමට කටයුතු කිරීම පිළිබදව ජනාධිපතිවරයා වෙත ස්තූතිය පල කරන බව විශ්‍රාම යමින් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කියා සිටියේ ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා කියා සිටින්නේ තම ධුරයේ කටයුතුවලදී ජනාධිපතිවරයාගෙන් ලැබුණු සහාය විශාල ශක්තියත් වූ බවත් එසේම අනුර කුමාර ජනාධිපතිවරයා තුළ තිබූ විශ්වාසය,දරා ගැනීම, අසීමිත කැපකිරීම නොවන්නට ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීමට නොහැකි වන බව ද මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *