ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට එයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2024 සැප්තැම්බර් මාසයේදී ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති බව අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

එහිදී ජනාධිපතිවරයා ස්‌වාධීන අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට නියමිත බවයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එම ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තු මැතිවරණය 2025 ජනවාරි මාසයේදීත් පළාත් සභා මැතිවරණය 2025 මාර්තු මාසයේදීත් පැවැත්වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවයි.

එමෙන්ම අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු අමාත්‍ය රවී කරුණානායක සඳහන් කළේ තවත් මාස 9 කින් ජනාධිපතිවරණය පැවැත්වීමට තීරණය කර ඇති අතර ජනාධිපතිවරයා නිර්පාක්ෂික අපේක්ෂකයෙකු ලෙස තරඟ කිරීමට නියමිතය බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *