කෙහෙළිය ඇතුළු පවුලේ හයකට නඩු පවරන බව අල්ලස් කොමිසම දැනුම් දෙයි

රුපියල් කෝටි නමයකට අධික තැන්පතු සහිත සැක කටයුතු බැංකු ගිණුම් 16ක් පවත්වාගෙන ගියේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු ඔහුගේ පවුලේ හයදෙනෙකුට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පවරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මියට ඊයේ (19) දැනුම් දුන්නේය.

හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට අමතරව ඔහුගේ බිරිඳ වන කුසුම් ඈපා වීහේන, දියණියන් වන චන්දුලා රමලි රඹුක්වැල්ල, චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල, අමලි නයනිකා රඹුක්වැල්ල හා බෑණා වන ඉසුරු පුලස්ති බණ්ඩාර නමැති සැකකරුවන්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පවරන බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් දැනුම් දුන්නේය.

සැකකටයුතු ගිණුම් පවත්වාගෙන ගියේ යැයි කියමින් අල්ලස් කොමිසම ඊයෙ (19) උදෑසන අත්අඩංගුවට ගත්. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණියන් වන චමිත්‍රී ජනනිකා රඹුක්වැල්ල ,අමලි නයනිකා රඹුක්වැල්ල හා බෑනාවන ඉසුරු පුලස්ති යන සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම එසේ දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *