ඇප නැතුව ණය දෙන වැඩසටහන ඇරඹුවා – මුදල් නියෝජ්‍ය ඇමති ආචාර්ය හර්ෂණ කියයි

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තල්ලුවක් දෙන ඇප නැතිව ණය දෙන වැඩසටහන  රජය දැන් ක්‍රියාත්මක කර තිබෙන බව මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේ දී  පැවසීය.

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා මෙසේද කීය.

වසර විස්සකට වඩා පැරණි යල් පැන ගිය අණ පනත් වලට අදාලව මේ සංශෝධනය කරනවා.මුද්දර බද්ධ දැනටමත් අය කරනවා.දැනට අය කරන්නේ රුපියල් දාහකට රුපියල් දහයයි. එම ගාස්තුව රුපියල් දාහකට රුපියල් 20ක් දක්වා වැඩි කරනවා.රජයට අවශ්‍ය ආදායම් උපයාගන්න පුරවැසියාට බර පටවන්න මෙවැනි දේ කරනවාද කියා හිතෙන්න පුළුවන්.මේ අණ පනත් යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය  එක පියවරක් ලෙස මේ තීරණය ගන්නවා.මේ මුද්දර  බද්ධ අය කරනු ලබන්නේ නිශ්චල දේපල සඳහායි.මේ අය කර ගන්න බදු මුදල් මධ්‍යම ආණ්ඩුව වෙනුවට පළාත් සභා වලට ලබා දෙනවා.නිවැරදි අණ පනත් සංශෝධනය කිරීමට පසුගිය ආණ්ඩු කටයුතු කළේ නෑ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *