පොලිසියේ ලොක්කන් දෙදෙනෙකුගේ වත්කම් විමර්ෂණය අරඹයි

පොලිසියේ ඉහළ තනතුරු දරන ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුගේ වත්කම් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි ගණනාවක් මත ඒ අය සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අප වෙත ලැබී ඇති තොරතුරු අනුව ඉන් එක් තැනැත්තෙක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකි. අනිත් තැනැත්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක් බව සඳහන්ය.

මේ පැමිණිල්ල සම්බන්ධව විමර්ශනය කෙරෙන්නේ පොලිස් වත්කම් විමර්ශන කාර්යාංශය මගින් බව වැඩිදුරටත් දැනගන්නට තිබේ.

පසුගිය කාලයේ මේ අය විශාල වශයෙන් වත්කම් රැස්කර ඇතැයි ඊට අදාළ විස්තර ද සහිතව ලැබුණු පැමිණිල්ලේ සඳහන් බව කියැවෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *