ලංවිම ලාභ ලැබුවත් මේ මාසයේ ලයිට් බිල බස්සන්නේ නෑ – ඉංජිනේරුවෝ කියයි

විදුලිබල මණ්ඩලය මේ වන විට රුපියල් කෝටි අටදහසකට ආසන්න ලාභයක් උපයාගෙන තිබුණත් මේ මාසයේදී විදුලි බිල පහත නොදමන බව ලංවිම ඉංජිනේරුවෝ කියා සිටිති.

විදුලි ගාස්තු සංශෝධනයට අදාළව යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසමට (PUCSL) තාමත් ලබා දී නැතැයි ද මේ පිළිබඳව කළ විමසීමේදී එහි උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

විදුලි බිල සංශෝධනයට අදාළ යෝජනාව ලැබුණු පසු එය අධ්‍යයනය කිරීමට සති තුනකට වැඩි කාලයක් ගතවන බවත් ඊට පසුව මහජන අදහස් ගැනීමට ද කාලයක් ගත වන බවත් හෙතෙම කීය.

ඒ අනුව ලංවිම ලාභ ලබා තිබුණත් විදුලි බිල අඩු කිරීම ජනවාරි මාසය තුළ සිදු නොවන බව ස්ථිර යැයි ද හෙතෙම පැවසීය.

මේ අතර ඇමැති කංචන විජේසේකර මහතා කියා සිටියේ ලබන සතිය ඇතුළත ගාස්තු සංශෝධනයට අදාළ යෝජනාවලිය මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කිරීමට බලාපොරොත්තු වන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *