රාජ්ය සේවකයන් බාර දෙන වත්කම් බැරකම් ප්රකාශ වලට ඔවුන්ගෙන් යැපෙන බිරින්දෑවරුන් දරුවන් අැතුලු සියලු පුද්ගලයන්ගේ ( වයස නොසලකා) වත්කම් පිළිබඳ විස්තරද ඇතුළත් කරන්නැයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම්දී ඇත.
දූෂණ විරෝධී පනත් කෙටුම්පත අනුව අනිවාර්යයෙන්ම එසේ කටයුතු කළ යුතු බව කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.
දේශපාලඥයන් ඇතුළු ඇතැම් ප්රබල පුද්ගලයන් සිය වත්කම් බිරින්දෑවරුන්ගේ සහ දරුවන්ගේ නමින් තැන්පත් කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත. මෙම නව ක්රියාමාර්ගය මගින් එවැනි කටයුතු වැලකෙනු ඇතැයි ආරංචි මාර්ග කීය.
වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් කළ යුතු සියලුම රාජ්ය නිලධාරීන් සෑම වසරකම මාර්තු මස 31 වැනිදාට ඇති සියලු දේපළ පිළිබඳ විස්තර අැතුළත් වත්කම් බැරකම් ප්රකාශය තම ආයතන ප්රධානියාට මෙම මස 30 වැනිදාට පෙර භාරදිය යුතුවේ.
මේ අතර මීට කලින් පැවති නව වැනි පාර්ලිමේන්තුවේ සියලුම මන්ත්රීවරුන්ද වසර දෙකක් යනතුරු වත්කම් බැරකම් ප්රකාශ බාරදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව එසේ කටයුතු කළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.