වරාය අධිකාරියේ සල්ලිවලින් මන්ත්‍රීලා 50ක් විනෝද සවාරියක – චීස්,සැන්ඩ්විච්,ෆිෂ් රෝල් වරායෙන්ම දීලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50කට අධික පිරිසක් ශ්‍රි ලංකා වරාය අධිකාරියට අයත් කුඩා ප්‍රමණායේ නෞකා 02කින් කොළඹ වරායේ විනෝද සංචාරකයක නිරත විය.
වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ ඉල්ලීමට වරාය අධිකාරිය විසින් මෙම යාත්‍රා දෙක වෙන් කර තිබේ.

එම පිරිසට වරාය අධිකාරියේ භෝජනාගාරයේ සියළුම ආහාර පාන වෙන ලබා දුන් බව ද වාර්තා වේ.වරාය රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකරගේ පෞද්ගලික ලේකම් සොනාලි ජයසේකර මෙම චාරිකාව සදහා අවශ්‍ය ආහාර පාන හා ද්‍රව්‍ය වරාය අධිකාරියෙන් සපයන ලෙස වරයා අධිකාරියේ සභාපතිවරයාගෙන් පසුගිය 8 වනදා ඉල්ලීමක් කර තිබේ.

චීස්,සැන්ඩ්විඩ්,බටර් කේක්,ෆිෂ් රෝල් ,අයිස් කොෆි,පේපර් කප් ,කුඩා වීදුරු, ඇතුළු තවත් බොහෝ දේ ලබා දී ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *