රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් CIDය විමර්ශන අරඹයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. 

ඊට අදාළ වැඩිදුර වාර්තාවක් ගොනු කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය හමුවේ මේ බව දන්වා සිටියා. 

හිටපු ජනාධිපතිවරයාට එරෙහිව සිදු කරනු ලබන විමර්ශන පොදු දේපල පනත ප්‍රකාරව සිදු කරනු ලබන අතර ඊට අදාළව චෝදනා ගොනු කෙරනු ඇති බවයි සඳහන් වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *