කොළඹ නගර සභාව ඇතුළු පළාත් පාලන ආයතනවල වංචා දූෂණ සොයන්න ජනාධිපති කොමිසමක්

පලාත් පාලන ආයතනවල බලය පිහිටුවා අවසන් වීමෙන් පසුව, කොළඹ මහ නගර සභාව ද ඇතුළුව සියළු පළාත් පාලන ආයතනවල සිද්ධ වී තිබෙන වංචා හා දූෂණ සෙවීම සදහා විශේෂ ජනාධිපති කොමිෂමක් පිහිටුවීමට රජය අපේක්ෂා කරන බව වාර්තා වේ.

මේ බව වාර්තා කර තිබෙන්නේ ඉරිදා මව්බිම පුවත්පතයි.

මෙහිදී, විශේෂයෙන්ම, නගරාධිපතිවරු සහ සභාපතිවරු අයතා ලෙස උපයාගෙන ඇති වත්කම් පිළිබදවද විමර්ශනයක් සිදු කිරීමට නියමිත ය.

ඊට අමතරව, ටෙන්ඩර් ලබා දීමේ දී සිද්ධ වී තිබෙන අක්‍රමිකතා, රථ ගාල් ලබා දීමේ දී සිදුව තිබෙන අක්‍රමිකතා සහ සේවකයන් බදවා ගැනීමේ දී සිදුව තිබෙන අක්‍රමිකතා පිළිබදව විමර්ශන සිදු වන බව පැවසේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *