පසුගිය දිනවල කේරළ මුහුදේදී අනතුරට පත් වූ නෞකා දෙකෙන් විසිරී ගිය බවට සැක කෙරෙන තෙල් තට්ටු මන්නාරම් වෙරළේ දක්නට ලැබෙන බව සංරක්ෂණවේදීහු පවසති.
මන්නාරම් වෙරළ තීරයේ අඩි කිහිපයක් විසිරී සිටින අයුරින් සාගරයේ සිට මේ කළු පැහැ තෙල් තට්ටු ප්ලාස්ටික් පබළු සමග මිශ්රව වෙරළට ගොඩ ගසා ඇති බව නිරීක්ෂණය වී ඇත.
මුල් කාලීනව රවුම් හැඩැති අවර්ණ ප්ලාස්ටික් පබළු වරළට ගොඩගසා තිබියදී හමු වුවත් මේ වන විට වර්ග කිහිපයක ප්ලාස්ටික් පබළු වෙරළට ගොඩගසාගෙන එන බවක් නිරීක්ෂණය වී ඇති බවද එම ප්රදේශයේ පක්ෂි නිරීක්ෂකයෝ පවසති.
මේ වන විට මන්නාරමේ වෙරළ කලාපයේ පමණක් මේ විසිරුණු තෙල් දැකිය හැකි බවට වාර්තා වුවත් උතුරු – නැගෙනහිර වෙනත් වෙරළ කලාපවලට ද තෙල් කුඩා තට්ටු වශයෙන් පැමිණීමේ අවදානමක් ඇති බව ද ඔවුහු පේනවා දෙති.