මිලියන 50 දක්වා ණය ලබාගෙන තිබූ ව්‍යාපාරිකයින් සදහා පරාටේ නිතීය ක්‍රියාත්මක කිරීමට තිබූ සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

රුපියල් මිලියන 50 ඉක්මවූ ණය ලබාගෙන ඇති ව්‍යාපාරිකයින් සඳහා පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමට ලබාදී තිබූ සහන කාලය  අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කළේ, මෙම වසරේ මාර්තු 31 වැනිදාට පෙර බැංකු සමග සාකච්ඡා ආරම්භ කළ, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා පමණක් අදාළ සහනය හිමිවන බවයි.

මේ අතර, රුපියල් මිලියන 25 – 50ත් අතර ණය ලබාගෙන ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබාදුන් සහන කාලය, ලබන සැප්තැම්බර් 30 වැනිදා දක්වා ක්‍රියාත්මකයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *