VAT සමග කසිප්පු මිලත් ඉහළ දමයි

රජය විසින් මත්පැන් මිල ඉහළ දැමීමත් සමග නීති විරෝධී මත්පැන්වල මිලද ඉහළ ගොස් තිබේ.

මෑත කාලයේදී රුපියල් 1200-1500 අතර මිලකට අලෙවි වූ කසිප්පු බෝතලයක් මේ වන විට රුපියල් 1800 දක්වා මිල ඉහළ ගොස් ඇත.

වැට් බදු සංශෝධන සමග මත්පැන් මිල ඉහළ යාමත් සමඟ බොහෝ දෙනා නීති විරෝධී කසිප්පු වැනි මත්පැන් පානයන්ට හුරු වී තිබිණි.

රජයේ මත්පැන් අලෙවිය මේ හේතුවෙන් පහළ ගොස් බදු ආදායමද පහළ ගොස් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *