ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා විදේශ අමාත්‍ය අලි සබ්රිගේ ප්‍රධානත්වයෙන් යුත් අමාත්‍ය අනුකමිටුවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ බලය පවරා ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර අද (17) පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය.
ඒ අනුව එම කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් රැස්වීමක් ඉල්ලා ඇති බව ද වාර්තා වේ.
මේ අතර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ද අද පාර්ලිමේන්තුවේ දී විශේෂ අනාවරණයක් සිදුරමින් ප්‍රකාශ කර සිටියේ,
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජේ ෂාට දුරකථන ඇමතුමක් ලබා දී ක්‍රිකට් ගැටළුව පිළිබඳව සාකච්ඡා කර ඇති බවයි.
එමෙන්ම මේ වන විට මෙම ගැටළුව ක්‍රිකට් අර්බුදයක එහා ගිය ජාත්‍යන්තර අර්බුදයක් බවට පරිවර්ථනය වී ඇති බව ද ඔහු පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,
”මම රොෂාන් රණසිංහ මැතිතුමාට කිසිම විරුද්ධත්වයක් නැහැ.එකේ සංයුතිය වෙනස් විය යුතුයි. නමුත් ඒ පනතක් විදියට, නීතියෙන්, උසාවියෙන් ගිහිල්ලා තමයි ඒ වෙනස කරන්න ඕනේ. ඊයේ දවසේදී ජනාධිපතිවරයා ජේ ෂා කියන, ඉන්දියාවේ ඉන්න කෙනාට කතා කරා දුරකථන ඇමතුමෙන්. ඒකට හේතුව, අද මේක ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ජේ ෂාගේ තාත්තා තමයි, අම්රිෂා. මෝදි ඇමතිතුමාගේ දකුණු අත කියලයි කියන්නේ. දැන් මේක දේශපාලන අර්බුදයක් විතරක් නෙමෙයි, ජාත්‍යන්තර අර්බුදයක් සහ ක්‍රිකට් අර්බුදයකටත් වඩා එහාට ගියා මේ ප්‍රශ්නය. දේශපාලන වශයෙන් මේකෙන් වාසියක් ගන්න සමහර අය උත්සාහ කරනවා”