කඩුවෙල මහ නගර සභාවේ සිද්ධ වී තිබෙන අකටයුතුකම් සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවත්, එම අකටයුතුකම් සදහා වගකිව යුතු පාර්ශ්වයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, එම මහනගර සභාවේ නව නගරාධිපති රන්ජන් ජයලාල් පවසයි.
ඊයේ පැවති දෙරණ වාද පිටියට සහභාගී වූ රන්ජන් ජයලාල්, කඩුවෙල මහනගර සභාවට අදාල එක් විගණන වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කළේ ය.
එම විගණන වාර්තාවට අනුව, අන්තර් මහ නගර සභා සරුංගල් තරගාවලියක් වෙනුවෙන් කඩුවෙල මහ නගර සභාවද සහභාගී වී තිබේ.
මෙම තරගාවලිය සදහා කඩුවෙල මහනගර සභාව සාදා තිබෙන සරුංගලය වෙනුවෙන් රුපියල් 1500 ක වියදමක් දරා තිබේ.
සරුංගල් සැණකෙළිය පැවැත් වී ඇත්තේ නුවරළියේ වන අතර, කඩුවෙල මහනගර සභාව නියෝජනය කරමින් 47 දෙනෙකු ඊට සහභාගී වීම සදහා නුවරඑළිය බලා ගොස් තිබේ.
එම ගමන වෙනුවෙන් කඩුවෙල මහනගර සභාව වැය කර තිබෙන මුදල රුපියල් දෙලක්ෂ තිස් දහසකි.
මෙම සරුංගල් තරගාවලියෙන් කඩුවෙල මහනගර සභාවට දෙවන ස්ථානය හිමි වී තිබේ.
දෙවන ස්ථානය හිමිවීම වෙනුවෙන් ඔවුනට පාපැදියක් ත්‍යාග වශයෙන් ලැබී තිබේ.