යාපනයේ චාවකච්චේරි ප්රදේශයේ උපත ලැබ යාපනය විශවවිද්යාලයේ සේවය කරමින් සිට විදේශගත වූ විද්වතෙක්වන ආචාර්ය සබේසන් සිදම්බරනාදන්වෙත නව උත්පාදන සඳහා ලන්ඩනයේ දී පිරිනැමෙන ඉහළම සම්මානය පිරිනැමීමට තෝරාගෙන තිබේ.
දැනට ලන්ඩනයේ රෝහලක සේවය කරන ආචාර්ය සිදම්බරනාදන් මුලින්ම මෙම උපකරණය නිපදවා ඇත්තේ රෝහලේ ඇති සෑම උපකරණ තිබෙන තැන හඳුනා ගැනීමේ සඳහාය.
පසුව එම උපකරණය වැඩි දියුණු කොට ලන්ඩනයේ පැවති නවෝත්පාදන එළිදැක්වීමේ තරගයකට ඉදිරිපත් කිරීමෙන් පසුව ඊට ලන්ඩනයේ ඉහලම සම්මානය පිරිනැමීම සදහා තෝරා ගෙන තිබේ.
රෝහලේ උපකරණ දත්ත ගොනු යන්ත්රයට ඇතුළු කළ විට එම භාණ්ඩ ස්ථානගතවී ඇති තැනින් අවතැන් වුව ද සොයාගත හැකි බව ද මෙම උපකරණයේ පේටන්ට් බලපත්රය තමන්ට හිමි වූ විගස මුළු ලෝකයේම රෝහල් වලට මෙම උපකරණය බෙදා හැරීමට පියවර ගැනීමට හැකි ලෙස සිය හිමිකම් ප්රදානය කරන බව ද ආචාර්ය සබේසන් සිදම්බරනාදන් පවසයි.