අල්ලස් කොමිසම එන්න කියද්දි රාජිත ලෙඩ වෙයි

කිරින්ද ධීවර වරායේ වැලි කැණීමේ ව්‍යාපෘතියක් රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලීන් තොරව ,අත්තනෝමතිකව හා අනීතිකව ,කුණු කොල්ලයට  කොරියානු සමාගමකට ලබාදී  රජයට පාඩුවක් කළේ යැයි කියන   හිටපු ධීවර ඇමතී රාජිත සේනාරත්න මහතා අසනීප තත්වයේ පසුවන බැවින්  අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටීමට නොහැකි බව  අද(2) දැනුම් දී ඇත.  

සිද්ධිය සම්බන්ධයෙන් අද උදෑසන 9.00ට අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශයක් ලබාදෙන ලෙසට අල්ලස් කොමිසමේ විශේෂ විමර්ශන අංක 01 ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා විසින්    රාජිත සේනාරත්න මහතාට ලිඛිතව දැනුම් දී ඇත.

රාජිත.  සේනාරත්න  මහතාගේ නීතිඥවරයෙක්  උදෑසන අල්ලස් කොමිසමට පැමිණ  රාජිත සේනාරත්න මහතා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් විමර්ශනය සඳහා සහභාගී විය නොහැකි බවට ලිපියක් ලබාදී ඇතිි බව අල්ලස් කොමිසම ආරංචි මාර්ග සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකයට රාජිත සේනාරත්න  මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කළ අල්ලස් කොමිසම පසුගිය 27 වැනි දින  සඳහන් කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *