මෙතෙක් අත්හැරදමා තිබූ ජීවානුහරණය කරන ලද දියර කිරි නිෂ්පාදනය (UHD) සහ අලෙවිය ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් නැවත ආරම්භ කර ඇත.
මේ උත්සවය පෙරේදා (01) නාරාහේන්පිට පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේදී කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග ඇමැති කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය විසින් හඳුන්වා දෙන දියර කිරි ලීටරයක ඇසුරුම එළිදැක්වීම ද ඇමැතිවරයා අතින් සිදු කෙරිණි.
වසර ගණනාවක් පුරා ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ජනතාවට විශාල සේවාවන් රැසක් සිදු කළ අතර, පැවැති යම් රජයන් ගත් දේශපාලනික තීන්දු තීරණ මත ආයතනය වැසී යන තත්ත්වයට පත් විය. වර්තමාන රජය විසින් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ගොඩනැඟීමටත්, එහි සේවාවන් ජනතාව වෙත දායාද කිරීමටත් තීරණය කර ඇත. එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස දියර කිරි නිෂ්පාදනය (UHD) සහ අලෙවිය ඇරැඹීම දැක්විය හැකිය.
මේ අවස්ථාවට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති, වෛද්‍ය බී. සී. එස්. පෙරේරා මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.