වාහන ආනයනය මැද ශ්‍රි ලංකාවේ විදෙස් සංචිතය ඩොලර් බිලියන 6.6 දක්වා ඉහළට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය දා මුදා හරින ලද සිව්වන ණය වාරිකයත් සමඟ, මෙරට නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6.6 දක්වා ඉහළ ගොස් ඇති බව, මහබැංකු ආරංචි මාර්ග උපුටා දක්වමින්, සිලෝන් ටුඩේ පුවත්පත වාර්තා කරයි. 

චීනයෙන් ලැබී තිබෙන නිදහසේ භාවිතා කිරීමට නොහැකි ඩොලර් බිලියන 1.5 ක වටිනාකමකින් යුතු යූආන් සංචිතය හැරුණුකොට, වසර අවසන් වන විට, එක්සත් ජනපද ඩොලර් බිලියන 7.1 දක්වා විදේශ සංචිත ඉහළ නංවා ගැනීම රජයේ ඉලක්කයයි. 

එමෙන්ම 2027 වන විට එම සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 13.1 දක්වා ඉහළ නංවාගත යුතු ය. 

දැනට අත්හිටුවා ඇති විදේශ ණය සේවාකරණය, 2027 වසරේ සිට යළි ආරම්භ කළ යුතුව තිබේ. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *