අගමැති කාර්යාලයේ අධි සුඛෝපභෝගි රථ වෙන්දේසි කරන්න මිල ගණන් කැඳවයි

අග්‍රාමාත්‍ය කාර්යාලයේ භාවිත කරන ලද වාහන විකිණීම සඳහා මිල ගණන් කැඳවීමක් කර ඇත.

ඒ අනුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ භාවිත කරන ලද වාහන 05ක් මෙලෙස විකිණීම සඳහා මිල ගණන් කැදවා තිබේ. එම වාහන කොළඹ 03, ආර්. ඒ. ද මෙල් මාවත, අංක 150, අග්‍රාමාත්‍ය කාර්යාලය අරලියගහ මන්දිර පරිශ්‍රයේ දී රාජකාරී දිනවල අද(03) සිට ලබන 17වැනිදා පෙරවරු 10.00 සිට පස්වරු 2.00 අතර කාලය තුළ පරික්‍ෂා කළ හැකිය.

එම වාහනවල තොරතුරු පහත පරිදි වේ.

WhatsApp Image 2025 07 03 at 10.28.14 Iri News


මිල ගණන් ඉදිරිපත් කිරීමට අවශ්‍ය මූළික ආකෘති පත්‍ර එක් වාහනයක් සඳහා ආපසු නොගෙවන ගාස්තු රුපියල් 5,000ක් හා ආපසු ගෙවන ඇප තැන්පතු රුපියල් 50,000ක් ගෙවා 2025.07.03 දින සිට 2025.07.17 දින දක්වා, රාජකාරී දිනවල පෙරවරු 10.00 සිට පස්වරු 3.00 දක්වා කාලය තුළ අග්‍රාමාත්‍ය කාර්යාලයේ ගිණුම් ශාඛාවේදී ලබා ගත හැකිය. එසේම අදාළ මිල ගණන් එම ආකෘති පත්‍ර මගින් පමණක් ඉදිරිපත් කළ යුතු වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *