සිසුවා ඇදවැටුණු සිසු සැරියේ රියදුරු සහ කොන්දොස්තරගේ වැඩ තහනම් කරයි

මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සිසු සැරිය බස් රථයක පාපුවරුවෙන් සිසුවෙකු ඇදවැටුණු සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී රියදුරු හා කොන්දොස්තරගේ අපරික්ෂාකාරී සහ නොසැලකිලිමත් රිය ධාවනය මෙම අනතුරට හේතුවී ඇති බව නිරීක්ෂණය වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.

ඊයේ (03) දින මෙම සිද්ධිය වාර්තාවූ අතර ඒ සම්බන්ධයෙන් වීඩියෝවක් ද අද දෙරණ වාර්තා කළේය.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ ඒ අනුව මෙම බස් රථයේ සේවය කළ රියදුරු මහතාගේ හා කොන්දොස්තර මහතාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට වයඹ පළාත් ප්‍රවාහන අධිකාරිය විසින් පියවර ගත් බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *