ආර්ථිකයට දැඩි බලපෑමක් – මෙරට තරුණ මරණ සංඛ්‍යාව 25%කින් ඉහළට යයි

තරුණ සහ මැදිවියේ පසුවන්නන්ගේ මරණ 25%කින් වැඩි වීම, තරුණ සහ වැඩිහිටි ප්‍රජාවේ විශාල පිරිසක් බෝ නොවන රෝගවලින් පෙළීම සහ හැකියාවන්ගෙන් වැඩි ශ්‍රමිකයන් විදෙස්ගත වීම හේතුවෙන් මෙරට ශ්‍රම බළකාය ශීඝ්‍රයෙන් අඩු වෙමින් තිබීම ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා සිළුමිණට පැවසීය.

ජනගහනයෙන් 20-25%ක් පමණ වන වැඩිහිටියන්ගෙන් නිෂ්පාදනයට ලැබෙන දායකත්වය අඩු වීම සහ වියපත් වූවන්ගේ සෞඛ්‍ය සේවා වෙනුවෙන් රජයට විශාල මුදලක් දැරීමට සිදුවීම එම අහිතකර බලපෑම් අතර වන බවද හෙතෙම සඳහන් කළේය. වසර 2022 සිට මෙරට වාර්ෂික උපත් සංඛ්‍යාව ලක්ෂයකින් පමණ අඩු වෙමින් තිබෙන අතර, විවාහ වන වයසේ පසුවන තරුණ තරුණියන් විදෙස්ගත වීම, විවිධ හේතු මත විවාහ නොවීමේ සහ දරුවන් බිහි නොකිරීමේ ප්‍රවණතාව වැඩි වීම, විවාහක යුවළ අතර පවුල් ආරවුල් වැඩිවීම ආදිය ඊට හේතුවන බවද මහාචාර්යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *