එස්.එම්. චන්ද්‍රසේ­නට පිටින් කෑම ලබා දීම ප්‍රති­ක්ෂේ­ප කරයි

රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාට පිට­තින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව විසින් ප්‍රති­ක්ෂේප කර ඇත.

රක්ෂිත බන්ධ­නා­ගාරගත කළ රැඳ­වූ­ව­කුට පිට­තින් ආහාර ගෙන ඒමට ඉල්ලී­මක් කළ යුත්තේ එම රැඳ­වූ­වාගේ පවුලේ සාමා­ජි­ක­යකු වුවද මෙම ඉල්ලීම කර තිබුණේ එස්.එම්. චන්ද්‍ර­සේන මහ­තාගේ හිටපු ලේක­ම්ව­ර­යකු විසිනි. ඔහු පවුලේ සමී­ප­ත­ම­යකු නොවන නිසා එම ඉල්ලීම බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්­තුව විසින් ප්‍රති­ක්ෂේප කර තිබිණි.

ඒ අනුව මෙම ලේක­ම්ව­රයා විසින් හිටපු ඇමැ­ති­ව­ර­යාගේ පුත්‍ර­යා­ගෙන් අත්සන් සහි­තව අදාළ ඉල්ලීම සහිත ලිපිය බන්ධ­නා­ගාර දෙපා­ර්ත­මේ­න්තුව වෙත අද (07) ලබා­දී­මට නිය­මි­තව ඇත. මේ නිසා ඊයේ (06) දිනයේ ද හිටපු ඇමැ­ති­ව­රයා බන්ධ­නා­ගා­ර­යෙන් ලබා­දෙන ආහාර කෑමට ගෙන ඇතැයි බන්ධ­නා­ගාර ආරංචි මාර්ග කියයි.

කොළඹ රිමාන්ඩ් බන්ධ­නා­ගා­රය වෙත රැගෙන ආ හිටපු ඇමැති එස්.එම්. චන්ද්‍ර­සේන මහතා එහි ‘එම්’ වාට්ටුවේ රඳවා ඇති අතර එහි­ අදී බන්ධ­නා­ගාර වෛද්‍ය­වරු සිදු කළ පරි­ක්ෂා­වේදී ඔහු යහ­පත් සෞඛ්‍ය තත්ත්ව­යෙන් පසුවූ බවට අනා­ව­ර­ණය වී තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *