දේශීය වෙළදපොලේ පොල් මිල පහළ බැසීම හේතුවෙන් පොල් අලෙවිය ඉහළ යෑම හේතුවෙන් තම ආදායමද වැඩි වී ඇති බව පොල් වෙළෙදුන් කියා සිටියි.
පසුගිය මාස කිහිපය තුල පොල් ගෙඩියක් රු.220ක් වැනි මුදලකට අලෙවි වූ අතර, මේ වන විට පොල් ගෙඩියක් රු.100 සිට රු.170 දක්වා විවිධ මිල ගණන් යටතේ වෙලෙදුන් අලෙවි කරනු ලබයි.
ඇතැම් වෙලෙදුන් වැඩි ලාභයක් තබා ගනිමින් පොල් අලෙව් කල බවත්, එම කාලයේ පොල් අලෙවිය අඩු වු නිසා ආදායම් තත්වයද පහළ ගොස් තිබූ බවයි ඇතැම් පොල් වෙලෙදුන් කියා සිටියේ.
ඉදිරි මාස කිහිපය තුල පොල් මිල මීට වඩා අඩුවන බවත්, දැනට වෙළදපොලේ ඉල්ලුමට වඩා පොල් සැපයුම් ලැබෙන බවද එම වෙළෙදුන් කියා සිටියේ.