රාජ්‍ය වාණිජ නීති­ගත සංස්ථාව වසර 54කට පසුව ඉතිහාසයේ වැඩිම ආදා­යම උප­යයි

වෙළෙඳ වාණිජ ආහාර සුර­ක්ෂි­තතා හා සමු­ප­කාර සංව­ර්ධන අමා­ත්‍යාං­ශය ජන­මා­ධ්‍ය­ව­ලත් ජන­තාව අත­රත් නිර­න්තර කතා­බ­හට ලක්වන අමා­ත්‍යාං­ශ­යකි. ජාතික ජන බල­වේග රජ­යට චෝදනා කිරී­මට සැරසී සිරින පිරිස් විටෙක සහල් හිඟ­යක් ද තවත් විටෙක ලුණු හිඟ­යක් ද ඈඳා ගනි­මින් කෙන්ද කන්ද කර පෙන්වති. එහෙත් මේ අමා­ත්‍යාං­ශයේ ඵල­දා­යී­තාව පිළි­බඳ එත­රම් සාක­ච්ඡා­වට බඳුන් නොවෙයි. එහි පැති­කඩ අනා­ව­ර­ණය කර පෙන්වීම ද අපගේ වග­කීම වෙයි.එබැ­වින් මෙවර සීමා­ස­හිත වාණිජ විවිධ නීති­ගත සංස්ථාව හිමි­ක­ර­ගෙන තිබෙන ජය­ග්‍ර­හණ පිළි­බඳ අපගේ අව­ධා­නය යොමු­වෙයි.

ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ සංස්ථාව (Sri Lanka State Trading Corporation)1970 අංක 33 පනත මඟින් ස්ථාපිත වූවකි. පසුව එය 1981 අංක 67 දරන පන­තින් ද 1982 අංක 14 සමා­ගම් පන­තින් ද විවි­ධතා එක්කර ගනි­මින් වර්ත­මා­නය වන­විට සීමා­ස­හිත රාජ්‍ය වාණිජ විවිධ නීති­ගත සංස්ථාව (Sri Lanka State Trading Genaral corporation Ltd) ලෙස නාම­ක­ර­ණය වී ඇත. මේ ආය­ත­නය ජන­ගත වී ඇති පොදු නාමය STC යන්නයි. අතී­තයේ මේ ආය­ත­නය ජන­තාව විසින් හඳු­න්වනු ලැබුවේ ට්‍රැක්ටර් සමා­ගම යන නමිනි. රටට අව­ශ්‍යම කාර්මික උප­ක­රණ ආන­ය­නය සහ විකි­ණීම මේ ආය­ත­නය මඟින් සිදු වීම එයට හේතු­වයි.

1970 දී මේ ආය­ත­නය ඇර­ඹීමේ අපේ­ක්ෂාව වූයේ රාජ්‍ය ආය­ත­න­ව­ලට අවශ්‍ය භාණ්ඩ සහ කාර්මික උප­ක­රණ ගෙන්වී­මයි. කල්පැ­වැත්ම වැඩි ගුණා­ත්මක අග­ය­කින් යුතු කාර්මික උප­ක­රණ ආන­ය­නය මෙන්ම විය­දම් පිළි­බඳ සක­සු­රු­වම් වීම අපේ­ක්ෂාව වී ඇත. පෞද්ග­ලික අංශ මඟින් අධික මිල ගණ­න්ව­ලට විකු­ණන යන්ත්‍රෝ­ප­ක­රණ සහ විදුලි උප­ක­ර­ණ­වල මිල පාල­නය ද මෙම­ඟින් සිදු විය. එහෙත් බොහෝ රාජ්‍ය ආය­ත­න­ව­ලට අත්වූ ඉර­ණම STCයට ද උරුම කර­දී­මට පැවති රජ­යන් කට­යුතු කර තිබුණි. කාර්මික උප­ක­රණ ආන­ය­නය කර විකි­ණීම පසෙක තබා පෞද්ග­ලික ආන­ය­න­ක­රු­ව­න්ගෙන් භාණ්ඩ මිලදී ගෙන විකි­ණීම සිදු කර­ගෙන ගොස් ඇත. ආහාර ද්‍රව්‍ය ආන­ය­න­යට සමු­ප­කාර තොග වෙළෙඳ සංස්ථාව තිබි­යදී STC ආය­ත­නය මඟින් උඳු , මුං සහල් ආන­ය­නය කර ඇත. එම­ඟින් සිදුවී ඇත්තේ මේ රාජ්‍ය ආය­තන දෙකම බිඳ­වැ­ටී­මට අවශ්‍ය පසු­බිම නිර්මා­ණය වීමයි.

මෙතෙක් ආය­ත­නය ලැබූ මුඛ්‍ය වෙළෙ­ඳාමේ ආදා­යම බිලි­යන 2.9ක් විය. ජාතික ජන බල­වේග රජය පැමි­ණී­මෙන් පසු වසර 54ක STC ඉති­හා­සයේ ආය­ත­නික මුඛ්‍ය ව්‍යාපා­ර­යෙන් ලැබූ වැඩිම ආදා­යම වාර්තා කළේය. ඒ බිලි­යන 4.46කි.

වෙළෙඳ ඇමැ­ති­ව­ර­යාගේ මඟ පෙන්වීම සහ අධී­ක්ෂ­ණය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වාණිජ සංස්ථා සභා­ප­ති­ව­රයා ප්‍රමුඛ කාර්ය මණ්ඩ­ලයේ කැප­වීම මඟින් 2025 මාර්තු 31 වන­විට අය වැයෙන් අපේ­ක්ෂිත විකු­ණුම් ආදා­යම රුපි­යල් මිලි­යන 5025.51ක් වුවත් එය රුපි­යල් මිලි­යන 8649.70ක් දක්වා වර්ධ­නය කිරී­මට හැකි වී ඇත. අය වැයෙන් අපේ­ක්ෂිත ශුද්ධ ලාභය රුපි­යල් මිලි­යන 30.72 ක් වූ අතර එය රුපි­යල් මිලි­යන 367ක් දක්වා විශාල වර්ධ­න­යක් අත් කර ගැනී­මට සමත් වී ඇත.

පැවති රජ­යන් තමන්ගේ සහ හිත­මි­තු­රන්ගේ ලාභ අපේ­ක්ෂා­වෙන් කට­යුතු කර­මින් පෞද්ග­ලික ආන­ය­න­ක­රු­වන්ට ඉඩ­කඩ ලබා­දෙ­මින් STC අපේක්ෂා අත්හැර දැමීය. ආය­ත­නය මඟින් පම­ණක් ආන­ය­නය කළ ද්‍රව්‍ය පවා අඩු මිලට ගැනී­මට හැකි අවස්ථා මඟ හැර කොමිස් පංගුව ගැනම සිතා ආය­ත­නයේ ලාභ පංගුව අත්හැර දැමීය. එහෙත් මේ වන­විට මිල ගණන් පිළි­බඳ මැන­වින් සලකා බලා ආය­ත­නයේ අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් ම කට­යුතු කර තිබේ.

STC ආය­ත­නයේ පුන­රු­ද­යට ඉව­හල් වූ ඉතා වැද­ගත් තීර­ණ­යක් නම් වෙළෙඳ මධ්‍ය­ස්ථාන සංඛ්‍යාව ප්‍රව­ර්ධ­නය කිරී­මයි. දැනට පව­ත්වා­ගෙන යන ශාඛා හතට අම­ත­රව පළාත් මට්ට­මින් සහ දිස්ත්‍රික් මට්ට­මින් ශාඛා ව්‍යාපෘ­ති­යට අදාළ සැල­සුම් දැන­ට­මත් සකස් කර ඇති බව දැන­ගැ­නී­මට ලැබීම සතු­ටට කරු­ණකි.

විදුලි උප­ක­රණ සහ සුඛෝ­ප­භෝගී භාණ්ඩ ආය­ත­නයේ ප්‍රව­ර්ධ­න­යට හේතු­වන නාම­ක­ර­ණ­යක් ඇති කිරීම සහ පෞද්ග­ලික වෙළෙ­න්ඳන්ගේ මිල තීර­ණ­ව­ලට පාරි­භෝ­ගි­ක­යාට සහ­න­යක් වන පරිදි බල­පෑම් කර කාර්මික සහ විදුලි උප­ක­රණ හා සුඛෝ­ප­භෝගී භාණ්ඩ අලෙ­වියේ ප්‍රමුඛ ආය­ත­නය වීමේ ඉල­ක්කය දෙසට උප­න­තීන් හයක් ඔස්සේ සක්‍රි­යව ගමන් කරනු ඇත.STC ආය­ත­න­යට යන පාරි­භෝ­ගි­ක­යාට ටයර් සහ බැටරි මිලදී ගැනී­මට පොලී රහිත ක්‍රෙඩිට් කාඩ් ගනු­දෙනු ක්‍රමය ද දැන් අරඹා ඇත. ඉහත කී බොහෝ ජය­ග්‍ර­හණ අත්කර ගැනීම පිටු­පස ඇති සුවි­ශේෂී කරුණ නම් දේශීය නිෂ්පා­දන ප්‍රව­ර්ධ­න­යට අව­ධා­නය යොමු කිරී­මයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *