සුව­සැ­රිය ගිල­න් රථ 450 දක්වා වැඩි කිරීමට සැලසුම් කරයි

“සුව­සැ­රිය – 1990“ ගිල­න් රථ සංඛ්‍යාව 450ක් දක්වා වත්මන් ආණ්ඩුව යටතේ ඉහළ නැංවී­මට රජය සැල­සුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස මහතා පැවසීය. ඉන්දීය ආධාර යටතේ මෙම ගිල­න්රථ සංඛ්‍යාව 450ක් දක්වා නුදු­රේ­දීම වැඩි කරන බවත් දැනට ගිල­න්රථ 340ක් රට පුරා සේවයේ යොදවා ඇති බවත් ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

ජාතික අන­තුරු නිවා­රණ සතිය නිමි­ත්තෙන් සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ පැවැති මාධ්‍ය හමු­වට එක්වෙ­මින් ඇමැ­ති­ව­රයා ඊයේ (07) මේ බව පැව­සු­වේය. මෙම ගිල­න්රථ සේවා­වට අවශ්‍ය තාක්ෂ­ණික නිල­ධා­රීන් පුහුණු කිරීමේ පාඨ­මාලා කැල­ණිය, කොළඹ, ජය­ව­ර්ධ­න­පුර විශ්ව­වි­ද්‍යා­ල­යන්ට අනු­බ­ද්ධව ආරම්භ කරන බවත් එම­ඟින් පුහු­ණුව ලැබූ දක්ෂ තාක්ෂ­ණික නිල­ධා­රීන් පිරි­සක් මෙම සේවා­වට අනු­බද්ධ කර ගත හැකි බවත් ඇමැ­ති­ව­රයා පැව­සීය. මීට අම­ත­රව ජාතික ආධු­නි­කත්ව පුහුණු කිරීමේ අධි­කා­රිය සහ උසස් පෙළ අව­සන් දරු­වන් මෙම සේවාව සඳහා පුහු­ණු­වට බඳවා ගැනී­මට ද ඉදි­රි­යේදී පිය­වර ගන්නා බව ඇමැ­ති­ව­රයා ප්‍රකාශ කළේය.

සුව­සැ­රිය සේවාව ශක්ති­මත් කිරී­මෙන් හදිසි අන­තු­රු­ව­ලට ලක් වන පුද්ග­ල­යන් හැකි ඉක්ම­නින් සුර­ක්ෂි­තව රෝහ­ල්ගත කර ප්‍රති­කාර ලබා­ දී­මට හැකි බව ද ඇමැ­ති­ව­රයා අව­ධා­ර­ණය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *