සමුද්‍රීය ආරක්ෂාව සැපයීමෙන් ඇවන්ට් ගාඩ් ගලවයි, වගකීම යළිත් නාවික හමුදාවට

වෙළඳ නෞකාවන් වෙනුවෙන් ආරක්ෂාව සැපය‍ීමේ කටයුතු යළිත් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පැවැරීමට ජනපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

වෙළඳ නෞකාවන් වෙනුවෙන් සමුදීය ආරක්ෂක සේවා සැපයීම මේ වන විට නිශ්ශංක සේනාධිපතිගේ සභාපතිත්වයෙන් යුත් ඇවන්ට් ගාඩ් සමාගම විසින් සිදුකරයි.

විටින් විට එම සමාගම එම සේවාවලින් ඉවත් කර නාවික හමුදාව පත්කළත් ආණ්ඩු මාරුවීමත් සමගම ඇවන්ට් ගාඩ් සමාගමට ඒම වගකීම ලැබීය.

සමුද්‍රීය ආරක්ෂක සේවා සැපයීම හරහා විශාල ආදායමක් උපයා ගැන‍ිමට අවස්ථාව ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *