කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගම තම ලාභාංශයෙන් රුපියල් ලක්ෂ 74කට අධික මුදලක් මහා භාණ්ඩාගාරයට ලබාදීමට පියවර ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකා රජය සතු ව්‍යාපාර ආයතනවලින් එකක් වන කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගමෙහි (KGLL) අධ්‍යක්ෂ මණ්ඩලය, එහි කොටස් හිමියා වන මහා භාණ්ඩාගාරයට රුපියල් 7,432,481ක ලාභාංශ දායකත්වයක් ලබාදීමට අනුමත කර තිබෙනවා.
1872 සිට මෙහෙයුම් කටයුතු සිදුකරන මෙම පතල අඩි 2000ක ගැඹුරින් යුක්ත ලංකාවේ ගැඹුරුම පතල වනවා.
මෙම ලාභාංශ මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංයේ දී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා වෙත භාරදී තිබුණා.
කහටගහ ග්‍රැෆයිට් ලංකා සමාගමේ සභාපති ඉංජිනේරු පී.වී.ඒ. හේමලාල්, ජ්‍යෙෂ්ඨ කළමනාකරු (මූල්‍ය) ඒ. සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්. රිචඩ් කොස්වත්ත මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වී තිබෙනවා.