රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුතු වී එයිට් වර්ගයේ මෝටර් රථයක් නීති විරෝධීව එකලස් කර ඇති බවට චෝදනා එල්ල වී තිබෙන හිටපු අමාත්‍ය සුජීව සේනසිංහ, ඒ සදහා ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කළ කැදවීම හය වතාවක්ම මග හැර ඇති බව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ හෙළි වී තිබේ.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි අධිනීතීඥවරයා මෙම කරුණු අනාවරණය කළ අතර, විමර්ශන සදහා සහාය නොදක්වන්නේ නම්, සුජීව සේනසිංහ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ හැකි බවද පවසා තිබේ.
මෙහිදී සුජීව සේනසිංහ වෙනුවෙන් පෙනී සිටි නීතීඥයා පවසා ඇත්තේ, රෝගී තත්ත්වයකට ප්‍රතිකාර ගැනීම සදහා ඔහු විදෙස්ගතව ඇති බවයි.
ප්‍රතිකාර ලබා ගැනීම සදහා විදෙස්ගත වූ වානම් ඔහුගේ රෝගී තත්ත්වය පිළිබද වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය නියෝග කර තිබේ.