සාකච්ඡා දුර්වලයි – 30% බොහෝම වැඩියි – සජිත් ප්‍රේමදාස කියයි

ඇමරිකාවට කරනු ලබන අපනයන සදහා පනවා ඇති තීරු බදු අනුපාතය 30% ක් බව ට්‍රම්ප් ජනාධිපතිවරයා අද ප්‍රකාශ කළේ ය.

30% ක තීරු බද්ද, ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සමඟ සිදු කළ සාකච්ඡාවෙන් පසුව සංශෝධනය කරන ලද බදු අනුපාතය වන අතර, ට්‍රම්ප් ජනාධිපතිවරයා පසුගිය අප්‍රේල් මාසයේ දී, ශ්‍රී ලංකාව වෙනුවෙන් 44% ක තීරු බද්දක් පනවන බව නිවේදනය කර තිබුණි.

කෙසේ වෙතත්, ලංකාවේ අපනයන සදහා පනවා ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන 30% බදු අනුපාතය “දුර්වල ද්වීපාර්ශ්වික සාකච්ඡා වෙනුවෙන් අපට ගෙවන්නට සිදුව තිබෙන මිලක්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

රජය, සිය මමත්වය හේතුවෙන් සාකච්ඡා සදහා ඒ පිළිබඳ ප්‍රාමිණිකයන්ගේ සහාය ලබා නොගත් බව පවසන විපක්ෂ නායකවරයා, එහි වන්දිය මෙසේ ගෙවන්නට සිදුව ඇති බව අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *