ශාරුක් ඛාන් ලංකාවට ගෙන්වන්න සංචිතවලින් වියදම් කරනවද ? සජබ හෙක්ටර් අප්පුහාමි අහයි

ෂාරුක් ඛාන්ට ගෙවීමට රටේ ඩොලර් සංචිත යොදා ගනීදැයි රජය හෙළි කළ යුතු බව සමගි ජන බලවේගයේ (SJB) පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඉල්ලා සිටී. බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් කැසිනෝ ශාලාවක් විවෘත කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත පසුබිමක මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදුකර තිබේ.

පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, විපක්ෂයේ සිටියදී කැසිනෝවලට එරෙහිව දැඩි ලෙස හඬ නැගූ ජාතික ජන බලවේගය (NPP), දැන් ෂාරුක් ඛාන්ව කැසිනෝවක් විවෘත කිරීම සඳහා මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි.

“ෂාරුක් ඛාන්ට ගෙවීමට ඩොලර් සොයා ගන්නේ කෙසේද? ඒ සඳහා රටේ සංචිතවල ඇති ඩොලර් භාවිතා කරන්නේද යන්න රජය හෙළි කළ යුතුයි” යැයි ඔහු ප්‍රශ්න කළේය.

තවදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී අප්පුහාමි මහතා, NPP පක්ෂය විපක්ෂයේ සිටියදී ආචාර ධර්ම පිළිබඳව කතා කළ නමුත්, දැන් බදු ආදායම් ඉපැයීම සඳහා කැසිනෝ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට උත්සාහ කරන බවට චෝදනා කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *