වත්කම් බැරකම් ප්රකාශ ලබා නොදුන් රජයේ නිළධාරීන්ගේ අදින් පසු දඩ අය කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව සියළු රාජ්ය ආයතන ප්රධානීන්ට දැනුම් දී තිබේ.
ඒ අනූව වත්කම් බැරකම් ප්රකාශ ලබා නොදුන් රජයේ නිළධාරීන්ගේ වැටුප අද සිට එක් දිනකට තිහෙන් එක බැගින් කපා හරිනු ඇත.
වත්කම් බැරකම් ප්රකාශ ලබා දිය යුතු රජයේ නිළධාරීන් සෑම වසරකම මාර්තු 31 වනදා වනවිට පැවති සියලු දේපල පිළිබදව විස්තර ජුනි 30 වනදාට පෙර සිය ආයතන ප්රධානීන්ට ලබා දිය යුතු වේ.