සාරංගිකාගේ රහස් ඡන්දය අධිකරණය අනුමත කරයි – පෙත්සම ඉවත දමයි

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උපසභාපති තේරීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වැළැක්වීමට නිකුත් කරන ලෙස ඉල්ලා තිබූ අතුරු තහනම් නියෝග පෙත්සමක්, අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කර තිබේ.

මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ සීතාවක ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් විසිනි. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසුරිය මහතා සහ ප්‍රියන්ත ප්‍රනාන්දු මහතාගෙන් සමන්විත විනිසුරු මඬුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙන ලදි.

මීට අමතරව, මාවතගම සහ සීතාවක නගර සභා සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙවැනිම පෙත්සම් ද අධිකරණය විසින් නිෂ්ප්‍රභ කර ඇත.

සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයකු පත් කර ගැනීමට මීට පෙර උත්සාහයන් දැරුවත් විපක්ෂ මන්ත්‍රීවරුන් සභාවෙන් ඉවත් වීම හේතුවෙන් ගණ පූරණය නොමැති වී, සභාව පිහිටුවීම කල් ගොස් තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *